Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th November 2020 12:42:57 Hours

57 වන පාබල සේනාංකය විසින් රැක් රෝපන වැඩසටහනක් පවත්වයි

තුරැ මිතුරැ නව රටක් පරිසර රෝපන වැඩසටහනට සමගාමිව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් සුජිව සෙනරත්යාපාගේ උපදෙස් පරිදි රැක් රෝපන වැඩසටහනක් 57 වන පාබල සේනාංක පරිශ්‍රයේදි 2020 නොවැම්බර් මස 23 වන දින සිදු කරන ලදි. වනාන්තරය ආරක්‍ෂා කිරිමට සහ පරිසරය අලංකාර කිරිම දිරිගැන්විමේ අරමුනින් මෙම වැඩසටහන පැවැත්වන ලදි.

වැඩසටහනට සමගාමිව මොර, කොස්, කුඔුක් සහ මී ඇතුලු ආවේනික ශාක 1500 ක් බළසේනා, බලඇණි සහ පුහුණු පාසල් සදහා බෙදා දුන් අතර තුරැ මිතුරැ නව රටක් ව්‍යාපෟතියට සහය දැක්වීම සදහා ස්වාභාවික වටිනාකමි සහිත පැළ සිටවිම සහ සංරක්ෂණය කිරිම සදහා සෑම කදවුරැ පරිශ්‍රයකම විශේෂිත ප්‍රදේශයක් පවත්වාගෙන යාම සදහා ඉකෝ - පාර්ක් සංකල්පය හදුන්වා දෙන ලදි. 2020 නොවැම්බර් මස 23 වන දින 57 වන සේනාංකයේ මුරැක්කණ්ඩි කදවුරේ පැවැති මෙමම වැඩසටහන සදහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි, කර්නල් පාලන භඨකාර්ය සම්පාදන සහ 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි සහභාගිවිය.