Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th November 2020 12:30:54 Hours

57 වන පාබල සේනාංකය විසින් මෝසම් කාළගුණයෙන් ප්‍රදේශයේ ආපදා අවම කිරිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකචිජාමය වැඩසටහනක් පවත්වයි

ඒකාබද්ධ ආපදා අවම කිරිමේ යාන්ත්‍රනයක් ස්ථාපිත කිරිමේ විෂය පථය යටතේ දිස්ත්‍රික්කයේ ආපදා අවම කිරිම සදහා රජයේ වගකිවයුතු නිළධාරින් සමග පැවැත්වෙන දෙවන වැඩමුළුව 2020 නොවැම්බර් මස 23 වන දින 571 පාබල බළසේනාංකය විසින් සංවිධානය කරන ලදි. මෝසම් සමයේදි උතුරැ නැගෙනහිර ප්‍රදේශයට ඇතිවියහැකි ගංවතුර තත්වය සදහා සුදානම් වීමේ ක්‍රියාවලීන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වු අතර මෙහිදි 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් අණදෙන නිළධාරින්ට ආපදා අවම කිරිම සහ සහන මෙහෙයුම්වල යෙදෙන විට ප්‍රායෝගිකව නිර්වචනය නොකල ප්‍රදේශ පිළිබදව සාකචිචා කිරිමට අවස්ථාව ලබා දෙන ලදි.

මෙම වැඩමුළුව සදහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, බළසේනාධිපතිවරැන්, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි, අණදෙන නිළධාරින් සහභාගිවිය. තවද මෙම අවස්ථාවට කිළිනොචිචි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂක එම් ගෝකුලරාජා සහ වාරිමාර්ග දේපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරැ එස් කුමාරන් යන මහත් වරැන් සහභාගිවිය.