Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th November 2020 12:36:21 Hours

66 පාබල සේනාංකය විසින් කොවිඩි-19 වෛරසය පිලිබද දැනුවත් කිරිමේ වැඩසටහනක්

කොවිඩි - 19 වෛරසය පැතිරීම වැලැක්වීම සදහා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් 2020 නොවැම්බර් මස 07 සිට නොවැම්බර් මස 13 දක්වා සමස්ත පුනරින් ප්‍රදේශයම ආවර්නය වන පරිදි 66 වන පාබල සේනාංකය විසින් සජිවීව දියත් කරන ලදි. යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩගේ මග පෙන්විම යටතේ 66 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ජගත් කොඩිතුවක්කුගේ උපදෙස් පරිදි ශ්‍රව්‍ය දුශ්‍ය තාක්‍ෂණය උපයෝගි කරගනිමින් කොවිඩි - 19 වෛරස පැතිරිම වලක්වා ගැනිම සදහා ජනතාව දැනුවත් කිරිමේ අරමුණින් මෙම ජංගම සේවාව පවත්වන ලදි.

කොවිඩි - 19 වැලැක්වීමේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පැවැත්වුනු මෙම වැඩසටහන ප්‍රදේශයේ සෑම දුර බැහැර ගම්මානයක්ම ආවර්ණය වන පරිදි ජංගම LED තිර සහ PA පද්ධතියක් භාවිතා කරමින් සෑම ගම්වැසියකුටම ඔවුන්ගේ දොරකඩ සිටියදි පනිවිඩය ලබා ගැනිමට අවස්ථාව ලබා දුන්නේය. මෙම වැඩ සටහන සදහා නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම අනුග්‍රහය ලබාදුන් අතර සෑම සහභාගිවන්නෙකුටම මැගී නුඩිලස් පැකට් දෙක බැගින් නුඩිලස් පැකට් 13000 කට අධික ප්‍රමානයක් බෙදා දුන් අතර මෙම වැඩසටහන තුලින් ප්‍රදේශයේ ජනතාවට සතුටක් ගෙන දෙන ලදි.

මෙම අවස්ථාව සදහා 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 661,662,663 බළසේනාධිපතිවරැන් ඇතුලු බලඇණි අණදෙන නිළධාරින් සහභාගි වන ලදි.