Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th November 2020 12:35:30 Hours

රටටම සෙත්පතමින් රතන සුත්‍ර දේශනාව කිළිනොචිචියේදී පැවැත්වේ

කොවිඩි - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්විමෙි අරමුණින් රටට සෙත්පතා රතන සුත්‍රය දේශනා කිරිම 2020 නොවැම්බර් මස 08 වන දින කිළිනොචිචි හි ලුම්බිනි විහාරස්ථානයේදි පැවැත්වු අතර දිවයින පුරා පැවැත්වෙන රතන සුත්‍ර දේශනා වැඩසටහනට සමගාමිව අග්‍රාමාත්‍ය සහ බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලිමකට අනුව මෙම වැඩසටහන පැවැත්විනි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ මෙහෙයවිම මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති ‍ මේජර් ජෙනරල් සුජිව සෙනරත්යාපා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියුගේ අධික්‍ෂණය යටතේ මෙය සංවිධානය කරන ලදි.

මාන්කුලම් ශ්‍රි සුගත විහාරාධිපති පුජ්‍ය හිගුරකන්දේ සුමන හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් රතන සුත්‍රය දේශනය සිදුකල අතර ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති, 65 සහ 66 සේනාංකාධිපතිවරුන්, ඉනපෙ (කිළි) ආඥාපති, බළසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරින්, නිළධාරින් සහ සෙසු නිළයින් මෙම අවස්ථාව සදහා සහභාගි විය. යුද්ධ හමුදා මුලස්ථානය සහ සෞඛ්‍ය අංශ වෙතින් කොරෝනා වෛරසය ව්‍යප්තිය වැලැක්වීම පිණිස ලබා දි ඇති උපදෙස් අනුගමනය කරමින් මෙම වැඩසටහන පැවැත්විනි.