Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th November 2020 12:26:40 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනොච්චියෙහි හදිසි සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2020 ඔක්තෝබර් 31 වන දින කිලිනොච්චියෙහි හදිසි සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි පිවිසුම් දොරටුව අසලදී කදවුරු මුරයේ ගෞරවාචාරය (Drive past) පුදකරනු ලැබීය. ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ වෙනුවට ආරක්‍ෂක සේනා මූලස්ථානය මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සාදරයෙන් පිළිගනු ලැබීය.

පසුව යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් ආරක්‍ෂක සේනා මූලස්ථානය මුලතිව් ආඥාපති, සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය) ආඥාපති, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන කාර්යය මණ්ඩලය සහ බළසේනාධිපතිවරුන් සමගින් සම්මන්ත්‍රණ ශාලාවේදී සාකච්ඡාවක් පැවැත්විණි.

අනතුරුව සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඉදිකිරීම් කණ්ඩායම සමඟ යුද්ධ හමුදාපතිවරයා කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම් හි කොවිඩ් - 19 රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට නවිකරණය කරනු ලබන රෝහල් සංකීර්ණයේ ඉදිකිරීමේ වැඩකටයුතු නිරික්‍ෂණය කරන ලදි.

ඉන් අනතුරැව යුද හමුදාපතිවරයා නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය හි නිලධාරීන් සහ සෙසු නිළයන් ඇමතීය. කෝවිඩ් -19 වසංගතය පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා රැස්ව සිටි භට අමතමින් කියා සිටියේ මෙම කාර්යයේ අභියෝගය භාර ගනිමින් රට තුළ වැඩිම නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ අභිමානය යුද්ධ හමුදාවටද ලැබි ඇති බවයි.

රාජ්‍ය සේවකයින් අතරින් විනයගරුකම සාමාජිකයන් ලෙස යුද්ධ හමුදා සාමාජිකයින් අතර මෙම වසංගතය පැතිරීමට එරෙහිව සියලු වැළැක්වීමේ පියවර ගැනීම යුධ හමුදා සෙබළුන් වන අපගේ යුතුකම බවත් සියළුම සෙබළුන් වෛරසය පිළිබඳව සෝදිසියෙන් සිටිමින් දැනටමත් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරනු ඇතැයි යුද්ධ හමුදාපති වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය මුලතිව් ආඥාපතිතුමන් සහ සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් සහභාගී විය.