Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th November 2020 12:06:24 Hours

කිළිනොච්චි ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ බලපෑම සහ හදිසි කාර්යභාරයන් සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලයි

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පැතිරයාමේ බලපෑම් පිළිබඳ සොයාබැලිමේ විශේෂ සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඉකුත් බදාදා (14) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොච්චි ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ගේ ප්‍රධානත්වයෙන් එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවෙමින් පවතින අවස්ථාවක, රෝහල් පහසුකම් ස්ථාපිත කිරීම වෙනුවෙන් ගැටළු විසදීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීමේ අරමුණින් පැවති සාකච්ඡාවට කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් ආර්. කේතීෂ්වරන් මහත්මිය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. කෙතේෂ්වරන් සහ කිළිනොච්චි ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එන්. සර්වනාබවන් එක්වූහ.

මෙම සාකච්ඡාව අතරතුරදී, කිලිනොච්චි ප්‍රදේශයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල කොවිඩ්-19 වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සොයබලා වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාපටිපාටිය සහ ක්‍රියාකාරී සැලස්ම පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වෛද්‍ය නිලධාරීන්, කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරීන්, අනෙකුත් වෛද්‍ය කාර්යමණ්ඩල සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනකෙු සහභාගි වූහ.