Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th November 2020 11:44:27 Hours

මුලංකාවිල් නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් නිරෝධායනයෙන් පසු නිවෙස් වෙත පිටව යයි

ඩුබායි සිට ශ්‍රි ලංකාවට පැමිණි පුද්ගලයින් 52 දෙනෙකු ආරක්‍ෂක සේනා මූලස්ථානය කිළිනොචිචි යටතේ පාලනය වන මුලංකාවිල් නීරෝධායන මධ්‍යස්ථානයේ දින 19 නිරෝධායන ක්‍රියාවලිය සම්පුර්ණකර 2020 ඔක්තෝබර් මස 09 වන දින නිරෝධායන කලය අවසන් කර සහතික පත් සහිතව ඔවුන්ගේ නිවෙස්බලා පිටත්ව ගියහ. ඔවුන්ගේ ගමනාන්ත කරා ලගා වීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි විසින් සපයන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ ප්‍රධානත්වයෙන් පැවත්වුනු මෙම වැඩසටහන සදහා 651 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් චමත් වරකාගොඩ පිඑස්සි සහභාගිවිය.