20th September 2020 14:07:22 Hours
කුවෙට් සිට ශ්‍රි ලංකාවට පැමිණි පුද්ගලයින් 91 දෙනෙකු ආරක්ෂක සේනා මූලස්ථානය කිළිනොචිචි යටතේ පාලනය වන මුලංකාවිල් නීරෝධායන මධ්‍යස්ථානයේ දින 14 නිරෝධායන ක්‍රියාවලිය සම්පුර්ණකර 2020 සැප්තැම්බර් මස 17 වන දින නිරෝධායන සහතික පත් සහිතව ඔවුන්ගේ නිවෙස්බලා පිටත්ව ගියහ. ඔවුන්ගේ ගමනාන්ත කරා ලගා වීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආරක්ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි විසින් සපයන ලදි.
මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරිම සදහා ආරක්ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ මගපෙන්විම මත සිදු කරන ලද අතර මෙම අවස්ථාව සදහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු සහ 651 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගඩියර් චමත් වරකාගොඩ පිඑස්සි සහභාගිවිය.