Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th September 2020 13:51:42 Hours

කිළිනොචිචි භඨපිරිස් විසින් ඖෂධ පැළෑටි 100 ක් රෝපනය කරයි

ජාතික ඖෂධ පැළෑටි දිනය සහ සුව ධරණි ජාතික වැඩසටහනට සමගාමිව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි භඨපිරිස් විසින් 2020 සැප්තැම්බර් 17 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි පරිශ්‍රයේ කොහොඔ පැළ 100 ක් රෝපණය කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ උපදෙස් මත මෙම වැඩ සටහන පවත්වන ලද අතර බ්‍රිගඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි බ්‍රිගඩියර් අජිත් දිසානායක බ්‍රිගඩියර් පාලන භඨකාර්ය සම්පාදන බ්‍රිගඩියර් දීපාල් හතුරැසිංහ ඇතුලු ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සියලුම නිළධාරින් සහ සෙසු නිළයින් මෙම අවස්ථාවට සහභාගිවිය.