Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th September 2020 13:32:27 Hours

වැඩිහිටි සත්කාරක වැඩසටහනක් පැවැත්වීම

යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සුහදතාවය වර්ධනය කිරිමේ අරමුණින් 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු සහ 66 වන පාබල සේනාංකයේ කාර්ය මණ්ඩලය විසින් වන්නේරිකුලම් හි පිහිටි යෝග ස්වාමිගල් වැඩිහිටි නිවාසයේ වෙසෙන වැඩිහිටියන් සදහා දිවා ආහාර වේලක් සහ අත්‍යවශ්‍ය දුව්‍ය පිරිනැමිමේ වැඩසටහනක් 2020 සැප්තැම්බර් මස 16 වන දින සිදු කරන ලදි.

හමුදාව විසින් සිදුකල පරිත්‍යාගයට වැඩිහිටියන් සියලුදෙනා සතුට පළකරන ලද අතර වැඩසටහන අවසානයේ වැඩිහිටි නිවාසය භාරව සිටින එන් සෙල්වනායගම් මහතා විසින් ස්තූති කථාව පවත්වමින් මෙවැනි සමාජ වැඩසටහන් පැවැත්වීම පිලිබදව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙත තම ප්‍රසංශාව පිරිනමන ලදි.