Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

17th September 2020 19:38:45 Hours

කිළිනොචිචි භඨපිරිස් විසින් විශ්ව විද්‍යාල භුමිය පිලිසකර කරයි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ උපදෙස් පරිදි 9 වන කාරක ඉංජිනේරැ රෙජිමේන්තුවේ භඨපිරිස්වල ශ්‍රම දායකත්වයෙන් සහ යන්තෝපකරණ යොදාගනිමින් කිළිනොචිචි අරවියර්නගර් හි විශ්ව විද්‍යාල භුමිය 2020 අගෝස්තු මස 17 සිට 23 දක්වා කාලය තුල වර්ග මිටර 10000 ක් පමන සුද්ධ පවිත්‍රි කිරිම සිදු කෙරැනි.

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ කන්දසාමි මහතා කල ඉල්ලිමකට අනුව විශ්ව විද්‍යාල කාර්ය මන්ඩලයේ සහ සිසුන්ගේ ආරක්ශාව සදහා ආරක්‍ෂක පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කල අතර මේ වසරේ ජුලි මාසයේදි වල්අලියෙකු පහර දිම හේතුවෙන් කථිකාචාර්ය වරියකද මිය ගියේය.

කිළිනොචිචි විශ්ව විද්‍යාල කාර්ය මන්ඩලය ඇතුලු සිසුන්ගේ සහ යුධ හමුදාව අතර සුහද තාවය වැඩිදියුනු කිරි‍මෙ අරමුනින් මෙම වැඩසටහන පවත්වන ලදි. ව්‍යාපෟතිය අවසානයේ යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා යුද්ධ හමුදාව විසින් සිදු කල සේවය අගය කරමින් ස්තුතිය පළ කලේය.