Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th September 2020 19:49:49 Hours

උපාධිධාරින් 50000 ක් සදහා පුහුණු කිරිම සදහා වු ජාතික වැඩසටහන කිළිනොචිචිහි ක්‍රියාත්මක කරයි

රාජ්‍ය සේවයේ කාර්යක්ෂම තාවය ඉහල නැංවිම සදහා උපාධිධාරින් 50000 ක් සදහා රජයේ රැකියා ලබාදිමට සමගාමිව පැවැත්වෙන පුහුණු කිරිම සදහා වු ජාතික වැඩපිළිවෙල රජය විසින් ක්‍රියාත්මක කරන ලදි. රාජ්‍ය සේවය සදහා අලුතින් බදවා ගන්නා ලද උපාධිධාරින් සදහා අනාගතයේදි සංවර්ධිත රටක් මෙහෙයවිම සදහා ඕනෑම අභියෝගයක් හමුවේ දක්ෂ, ක්‍රියාශිලි නායකයින් සමග සෞඛ්‍ය සම්පන්න ආකල්ප සහිත ජාතියක් ගොඩනැගිම මෙහි ප්‍රධාන අරමුනයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සීගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන දිවයින පුරා පවත්වනු ලැබේ.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචිහි මධ්යතස්ථාන තුනක් තුළ ආරම්භ කරන ලද මෙම වැඩ මුළුව සදහා කිළිනොචිචි සහ යාපනය දිස්ත්‍රික්කවල උපාධිධාරින් 216 දෙනෙකු සදහා නායකත්ව හා කණ්ඩායම් ගොඩනැංවීමේ පුහුණු අධියරය ආරක්‍ෂක සේනා මුලස්ථානය නිළිනොචිචි ආඥාපතිගේ මග පෙන්වීම සහ අධික්‍ෂනය යටතේ නේවාසික පහසුකම් සහිතව ආරම්භ කරන ලදි.

මෙහි සමාරම්භක උත්සවය ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් මස 14 වන දින කිළිනොචිචි නෙළුම් පියස ශ්‍රවනාගාරයේදි පැවැත්විනි. තවද පුහුණු අධියරේ අරමුණ සහ නායකත්ව හා කණ්ඩායම් ගොඩනැංවීමේ පුහුණුවේ වැදගත්කම පැහැදිලි කරම්න් ආරම්භක දෙශනය ආරක්‍ෂක සේනා මුලස්ථානය නිළිනොචිචි ආඥාපති විසින් සිදු කරන ලදි. පසුව ආඥාපති උපාධිධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ අවශ්‍ය තාවයන් විමසා සිටි අතර යුද්ධ හමුදාව මගින් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයන බව වැඩිදුරටත් පැහැදිලි කලේය.

මෙම අවස්තාව සදහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම නායකත්ව හා කණ්ඩායම් ගොඩනැගිමේ පුහුණු අධියරේ සභාපති මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා, 65 සහ 66 සේනාංකාධිපති වරැන්, ඉදිරි නඩත්තු ප්‍රෙදශ ආඥාපති, නායකත්ව හා කණ්ඩායම් ගොඩනැංවිමේ පුහුණුව භාර 571 බළසේනාධිපති ඇතුලු බළසේනාධිපති වරැන්, අණදෙන නිළධාරින් ජ්‍යෙෂ්ථ නිළධාරින් සහ උපදේශකයින් සහභාගිවිය.