Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th September 2020 18:33:05 Hours

කිළිනොචිචිය ප්‍රදේශයේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සදහා රෙගුලාසී සහ පුද්ගල සංවර්ධනය පිලිබද වැඩමුළුවක් පවත්වයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ සංකල්පයකට අනුව කිලිනොච්චි බලප්‍රදේශයේ රාජකාරී නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සදහා රෙගුලාසි සහ පුද්ගල සංවර්ධනය පිලිබදව වැඩමුළුවක් 2020 සැප්තැම්බර් මස 11 වන දින මෙම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජි විසින් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ ගෞරවය සහ වගකීම් පිලිබද මනාව පැහැදිලි කරමින් ආරම්භක දේශණය පැවැත්වූ අතර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියා) සහ සංඥා අංශභාර නිලධාරී විසින් යුධ හමුදා සෙබළුන්ගේ පෞර්ෂ සංවර්ධනය, මෙන්ම ගැටළු සම්බන්ධව සහ යුධ හමුදා නිලධාරීන් මුහුණ දෙන ප්‍රායෝගික තත්වයන් පිලිබදව මෙම වැඩමුළුවේදී සාකච්ඡා කරන ලදී. මෙම වැඩමුළුව සදහා කිලිනොච්චි බලප්‍රදේශයේ ස්ථාපිත ඒකකයන්හි රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 40 දෙනෙකු සහභාගී විය.