Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th September 2020 18:23:54 Hours

65 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි යටතේ ස්ථාපිත 65 පාබල සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩීඑම්ටී දිසානායක ආර්එස්පී යූඑස්පී 2020 සැප්තැම්බර් මස 09 වන දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. 65 පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකූලව කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක්ද පිරිනමන ලදී. නව සේනාංකාධිපති මහා සංඝරත්තයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයයේ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තබමින් එම ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව සේනාංකාධිපතිතුමන් විසින් කාර්යාල පරිශ්‍රයේදී පැලයක්ද රෝපණය කරමින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වන ලදී. මෙම අවස්ථාව සදහා සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වන ලදී.