Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th September 2020 18:17:31 Hours

661 පාබල බලසේනාව විසින් පුනරීන් ප්‍රදේශයේ අ.පො.ස සා.පෙල සිසුන් සදහා උපදේශන වැඩමුළුවක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ උපදෙස් මත 66 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ අධීක්‍ෂනය යටතේ 661 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සංවිධානයෙන් 5 වන ස්වෙච්ඡා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහයෝගය ඇතිව 2020 දී අ.පො.ස, සාමාන්‍ය පෙල විභාගය සදහා සහභාගීවන සිසුන් සදහා උපදේශන වැඩමුළුවක් 2020 සැප්තැම්බර් මස 08 වන දින පවත්වන ලදි. මෙම වැඩ මුළුව සදහා සිසුන් 31 දෙනෙකු සහභාගි විය.

පුනරින් මධ්‍ය මහා විද්‍යාලයේදී මෙම වැඩමුළුව පැවැත්වූ අතර, මාකීපන් මහතා, ගිල්බර්ඩ් වැන්සලින් මහත්මිය, එස්. ශාන්තකලා මහත්මිය සහ ආර්. කේතුජා මහත්මිය යන උපදේශක මඩුල්ල විසින් පැවැත්වු මෙම වැඩමුළුවේ පරමාර්ථය වූයේ අ.පො.ස සා.පෙල සදහා සහභාගී වන සිසුන් සදහා මනා දැනුමක් ලබාදීමයි. මෙහිදී සියළුම ගුරුවරුන් සහ පාසල් සිසුන් විසින් යුධ හමුදාව වෙත ඔවුන්ගේ ස්තුතිය පුද කරන ලදී.