Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th September 2020 15:27:51 Hours

ශ්‍රි ලංකා යුධ හමුදා විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරීන් කිලිනොච්චි සංචාරය කරයි

ශ්‍රි ලංකා යුධ හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලබන පාඨමාලා අංක 88 හි කැඩෙට් නිලධාරින් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2020 සැප්තැම්බර් 03 සහ 04 යන දෙදින තුල ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි අතර, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත ඔවුන් සාදරයෙන් පිලිගන්නා ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියා) තුමන් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ ඉතිහාසය, වැදගත්කම සහ සිවිල් වැසියන්ගේ ජීවනෝපායන් සංවර්ධනය කිරිම සදහා යුධ හමුදාව ගන්නා උත්සාහයන් පිලිබදව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කල අතර, ගැටුම්කාරී වාතාවරණයක් තුල කිලිනොච්චිය ගොඩනැගීමේ යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම සදහා ජනතාවගේ සහයෝගය පිලිබද විස්තරයක්ද කිරීමෙන් පසු කැඩෙට් නිලධාරීන් කිලිනොච්චි සංචාරය සනිටුහන් කිරිම වස් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් වෙත සමරු තිලිණයක් පිරිනමන ලදී. අනතුරුව ඔවුන් යාපනය ප්‍රදේශයේ සංචාරය සදහා පිටත්ව ගිය අතර, එහිදී අලිමංකඩ පිහිටි හසලක ගාමිණී කුලරත්න ස්මාරකයටද ගෞරව දක්වන ලදී.