Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th September 2020 15:21:50 Hours

මුලංකාවිල් නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 70 දෙනෙකු නිවෙස් බලා පිටව යයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන මුලංකාවිල් නීරෝධායන මධ්‍යස්ථානයේ නීරෝධායන ක්‍රියාවලියට භාජනය වූ ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකික සාමාජිකයින් 100 දෙනෙකු අතරින් 30 දෙනෙකු දින 14ක කාලයක් නීරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරිමෙන් අනතුරුව නියමිත වේලාවට තම නිවෙස් වෙත පිටව ගිය අතර, නීරෝධායන ක්‍රියාවලියේ සිටි තවත් සාමාජිකයින් 70 දෙදෙනෙකු දින 25ක නීරෝධායන ක්‍රියාවලිය අවසන් කර නීරෝධායන සහතිකය සහිතව 2020 අගොස්තු මස 27 වන දින තම නිවෙස් බලා පිටව යන ලදී.

ඔවුන් හට තම නිවෙස් බලා ගමන් කිරිමට ප්‍රවාහන පහසුකම් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය මගින් සපයන ලද අතර, ඔවුන් නික්ම යන අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජි 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 651 පාබල බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වන ලදී.