Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2020 14:52:59 Hours

573 වන බලසේනා මූලස්ථානයේදී ‘ඉදිරි උපායමාර්ගයන්’ පිළිබඳ දෙවන වැඩමුළුව පැවැත්වෙයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීජීඑස් සෙනරත් යාපා මඟපෙන්වීම යටතේ මෙහෙයුම් සංකල්ප, නව උපායමාර්ගික ප්‍රවේශයන් සහ අපේක්‍ෂිත ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා යුද්ධ හමුදා නිලධාරීන්ගේ විශ්ලේෂණාත්මක චින්තනය හා නිපුණතාවය වර්ධනය කිරීමේ දෙවන වැඩමුළුව 2020. අගෝස්තු මස 07 වන දින 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 573 බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි. ඒ සඳහා 571 හා 573 වන බලසේනා, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 3 වන ගජබා රෙජිමේන්තුව සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.

2020 සිට 2025 දක්වා කාලසීමාවන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් හඳුන්වාදෙන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගයන් සකස් කිරීමේ සංකල්පයට සමගාමීව මෙම වැඩමුළුව පැවැත්විණි. යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ග පිළිබඳ න්‍යායාත්මක අංශයන් මෙන්ම මෙහෙවර අරමුණු කරගත් කාර්යයන් සංකල්පණය ක්‍රියාත්මක කිරීම සහ ශක්තීන්, දුර්වලතාවන්, අවස්ථා සහ තර්ජන විශ්ලේෂණය කිරීම වැනි කරුණු මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විණි.

මෙම වැඩමුළුව අතරතුර, 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්ම සහ මූලික සාරධර්මයන් පිළිබඳව කරුණු අවධාරණය කළේය. මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ නිලධාරින්ට බලඇණි පිළිබඳ ක්‍රියාකාරී සැලසුම් වෙනුවෙන් ප්‍රායෝගීක වැඩමුළු සඳහා අවස්ථාව හිමිවිය. මෙම වැඩමුළුව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 571, 572 හා 573 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සහ 57 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.