Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd August 2020 00:14:42 Hours

65 සේමු හි නවතමයෙන් වාහන අංගනයක් තේ පැන් හලක් සහ වාහන බෑවුමක් ඉදිකරන ලදි

65 සේනාංක පරිශ්‍රයේදි නවතමයෙන් ඉදිකරන ලද වාහන අංගනයක් සියලු නිළයන් සදහා තේ පැන් හලක් සහ ශ්‍රි ලංකා විදුලි යාන්තික ඉංජිනේරැ අංශයට වාහන බෑවුමක් ( vehicle ramp) ඉදිකර විවෟත කිරිම 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ඩිඑම්එච්ඩි බණ්ඩාර ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි විසින් 2020 අගෝස්තු මස 04 වන සිදු කරන ලදි.

65 වන සේනාංකයට අයත් සියලුම වාහන සදහා පහසුකම් සැපයිය හැකි වර්ග අඩි 100 X 35 ප්‍රමානයෙන් යුත් වාහන අංගනය 1000 පැයට යෙදුනු සුභ මොහොතින් වාහන අංගනයේ පිවිසුම් දොරටුවේ රිබනය චාරිත්‍රානුකූලව කැපීමෙන් පසු සමරැ ඵලකය නිරාවරණය කර විවෟත කිරිම 65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් සිදුකරන ලදි. මෙම අවස්තාව සිහිවීම සදහා පැළයක් රෝපණය කිරිමද සිදු කල අතර අනතුරැව ශ්‍රි ලංකා විදුලි යාන්ත්‍රික ඉංජිනේරැ ක්ෂේත්‍ර වැඩබිමේදි තේ පැන් හල සහ වාහන බෑවුම විවෘත කිරිම සිදු කරන ලදි.

මෙහි ඉදිකිරිම් කටයුතු 65 සේනාංකයේ සේනාංකාධිපතිගේ මග පෙන්වීම මත සිදුකල අතර ඉදිරි කිරිම් සදහා අවශ්‍ය සියලු අමුදුව්‍ය දේශිය සමිපත් උපයෝගි කරගනිමින් සිදු කරන ලදි. මෙම ඉදි කිරිම් කටයුතු සදහා 65 සේනාංකයේ සියලුම නිළධාරින් සහ සෙසු නිළයින් විසින් ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි.