Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st August 2020 12:30:08 Hours

මුලංකාවිල් යුධ හමුදා නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 77 දෙනෙකු තම නිවෙස් වෙත පිටව යයි

යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නීරෝධායන මධ්‍යස්ථාන අතරින් මුලංකාවිල් නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 77 දෙනෙකු දින 14ක කාලයක් නීරෝධායනය අවසන් වී සහතික පත්ද සමග 2020 ජුලි මස 18 වන දින තම නිවෙස් බලා පිටව යන ලදී. පිටත්ව ගිය පුද්ගලයන් 77 දෙනා වියට්නාමයේ සහ මාලදිවයිනේ සිට පැමිණි අයවලුන් වේ. පිටත්ව ගිය පුද්ගලයින් සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චිය විසින් ඔවුන්ගේ ගමනාන්තය කරා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලදී.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි උපදෙස් පරිදි 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ අධීක්‍ෂණය යටතේ 651 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒසීඑන් වරකාගොඩ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.