Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2020 10:07:58 Hours

කිළි/ආනවිලන්දන්කුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේදී ශ්‍රමදාන වැඩසටහනක්

කොවිඩ් 19 වසංගතයෙන් පසුව සිසුන් සදහා පාසල් නැවත විවෘත කීරීමට පෙර පාසල් පද්ධතිය විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් කිළි/ආනවිලන්දන්කුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේදී 20 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ 01 X 20 ක භටපිරිසකගේ සහභාගිත්වගෙන් සිදු කරන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ උපදෙස් පරිදි 652 බළසේනාංකාධිපතිගේ මග පෙන්වීම මත භටපිරිස් සහ ප්‍රදේශ වාසීන්ගේ සභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි.