Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th July 2020 12:15:40 Hours

අක්කරායන්කුලම් මහා විද්‍යාලයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වනු ලබයි

දිවයිනපුරා ක්‍රියාත්මක වන ඩෙංගු වැලැක්වීමේ වැඩසටහන් වලට සමගාමීව 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨ පිරිස් විසින් 2020 ජුනි මස 30 වන දින අක්කරායන්කුලම් මහා විද්‍යාලයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් සිදුකරන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ජනතාව ඩෙංගු වෛරසයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා මෙම වැඩසටහන 652 වන බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.