Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th June 2020 14:54:02 Hours

66 වන සේනාංකයේ සේනාංකාධිපති සංචාරයක නියැළෙයි

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු එම සේනාංකය යටතේ ස්ථාපිත 661, 662 සහ 663 වන බලසේනා මුලස්ථානයන්හි සහ ඒ යටතේ ස්ථාපිත බලඇණිහි සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර, අදාළ බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීම් සිදුකරමින් මෙහෙයුම් හා පරිපාලනමය කාර්යභාරය පිළිබඳව සේනාංකාධිපතිතුමන් වෙත පැහැදිලි කරන ලදී.

මෙම සංචාරයේදී එම සේනාංකය යටතේ ස්ථාපිත බළඇණි සිය බලප්‍රදේශවල සිදුකරනු ලබන ආරක්‍ෂක, සුභසාධන හා පරිපාලනමය කටයුතු පිළිබඳ සාකච්ඡාවට ලක්විය.

එතුමන් සංචාරය කරනු ලැබූ සෑම බළඇණි මූලස්ථාන පරිශ්‍රයකම එම අවස්ථාව සංකේතවත් කිරීම වෙනුවෙන් පැළයක් රෝපණය කරනු ලැබිණි.