Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th June 2020 14:34:27 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බල ප්‍රදේශය තුල රාජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිළධාරින් සදහා ආතති කළමනාකරණය සහ යහපැවැත්ම පිලිබද දේශනයක් පැවැත්වීම

නිළධාරින්ගේ මානසික යහපැවැත්ම සහ ආතතිය කළමනාකරණය කිරිම සදහා වැඩමුලුවක් කිළිනොචිචි බළප්‍රදේශය තුල රාජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිළධාරින් සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ශ්‍රවණාගාරයේදි 2020.06.24 වන දින පවත්වන ලදි.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සී ගේ උපදෙස් මත බ්‍රිගේඩියර් ආර්එමිඑමි මොණරාගලගේ නායකත්වයෙන් යුත් මනෝවිධ්‍යාත්මක මෙහෙයුමි අධ්‍යක්‍ෂක නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂක වරැන්ගේ ඒකාබද්ධ කණ්ඩායමක් විසින් සිදුකරන ලදි. මෙම දේශණය සදහා ජ්‍යෙෂ්ඨ නිළධාරින් 26 කට වැඩි පිරිසක් සහබාගි වන ලදි.