Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd May 2020 10:36:51 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පිරිසක් සිය නිවෙස් කරා පිටත් වෙති

කොළඹ - බංඩාරනායක මාවත, මීතෝටමුල්ල, පොලොන්නරුව සහ බදුල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 60 දෙනෙකු දින 21 ක නිරෝධායන ක්‍රියාවලිය කිලිනොච්චි හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනය නිම කර 2020 මැයි මස 15 වන දින නිරෝධායන සහතික සහිතව ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගිය අතර, ගමනාන්තය සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද යුද්ධ හමුදාව විසින් සැපයන ලදි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ මඟ පෙන්වීම මත 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි සහ 651 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒසිඑන් වරකාගොඩ පිඑස්සි ගේ අධික්‍ෂණය යටතේ මෙම උත්සවය සාර්ථකව නිම කරන ලද.