Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th May 2020 08:38:08 Hours

ආරක්‍ෂක ලේකම්තුමන් කිලිනොච්චියෙහි සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී එන්ඩිසි පිඑස්සි එම්පීඑච්අයිඑල් කිලිනොච්චියෙහි 2020 අප්‍රේල් මස 17 වන දින සංචාරයක නිරත විය. මෙහිදී එතුමන් පිලිගනු ලැබුවේ කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි විසිනි.

කොව්ඩ් - 19 වසංගතය දිවයිනෙන් තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් සිදුකරන ලද සියලු රාජකාරි අගය කරන අතර, ආරක්‍ෂක හමුදාවන්ගේ දැඩි උත්සාහය හා කැපවීම හේතුවෙන් රට දැන් වර්තමාන තත්වයකට පැමිණ ඇති බව එතුමන් අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාපති තුමන්, ජාතික බුද්ධි ප්‍රධානී, සේනංකාධිපතිවරුන්, කිලිනොච්චි දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදා සෙබළුන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සහභාගි වන ලදි.