Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th May 2020 08:26:37 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන භට පිරිස් කොවිඩ් -19 වෛරසය වැලැක්වීම පිලිබදව දැනුවත් කරයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් වලට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ රාජකාරි නියුතු භට පිරිස් කොවිඩ් -19 වෛරසය වැලැක්වීම පිලිබදව දැනුවත් කිරිමේ දේශණයක් කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී 2020 මැයි මස 13 වන දින පවත්වන ලදී. මෙම දේශණය නිරෝධානය උපදෙස් වලට අනුකුලව සමාජ දුරස්ථභාවය නඩත්තු වන පරිදි සිදු කරන ලද අතර, කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ඒඑම්ජීඒආර් බංඩාර මහතා විසින් පවත්වන ලදී.