Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th May 2020 08:23:39 Hours

65 වන සේනාංකය විසින් ජාතික වෙසක් දිනය සමරනු ලබයි

65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ගේ උපදෙස් වලට අනුව 2020 මැයි මස 07 සහ 08 යන දෙදින තුල ජාතික වෙසක් දිනය සැමරීම වෙනුවෙන් 65 සේනාංකයේ භඨපිරිස් විසින් වෙසක් කූඩු නිර්මාණය කර කඳවුර අලංකාර කල අතර, එදින රාත්‍රියේදී 65 වන සේනාංකයේ සෙබළුන්ගේ මානසික ආතතිය දුරැලීම සදහා සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි සුප්‍රසිද්ධ බෞද්ධ චිත්‍රපටයක් වන උත්පලවන්නා සිංහල චිත්‍රපටය ප්‍රදර්ශණය කරන ලදි.