Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th May 2020 08:15:03 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථනයේ නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් පොන්නගර් ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා උදව් උපකාර කිරිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් වලට අනුව කරච්චි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නගර් ප්‍රදේශයෙහි අඩු ආදායම්ලාභි පවුලක් සදහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරි/සෙසුනිලයින් එක්ව 2020 මැයි මස 08 වන දින නිවස අළුත්වැඩියා කටයුතු සිදුකර නිවස අවට සුද්ධ පවිත්‍ර කටයුතු සිදුකර එම පවුලේ අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනා හට පාසල් උපකරණ, අත්‍යවශය ගෘහ භාණ්ඩ, වියලි අහාර ද්‍රවය සහ පිසු ආහාර බෙදාදෙන ලදි.

මේ සඳහා කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් ප්‍රමාණි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරි/සෙසුනිලයින් සහභාගි වන ලදි.