Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th May 2020 08:12:05 Hours

කිලිනොච්චියෙහි අඩු ආදායම්ලාභි පවුල් සඳහා නැවුම් එළවළු බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලබයි

දිවයිනට බලපා ඇති වසංගත රෝග තර්ජනය සහ අඳිරි නීතීය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටි අඩු ආදායම්ලාභි පවුල් සඳහා නැවුම් එලවළු (2400 කි:ග්‍රෑම්) විශාල ප්‍රමාණයක් පුනකරි, විශ්වමඩු බටහිර සහ කල්ලාරු 2020 මැයි 07 වන දින පුද්ගලික පරිත්‍යාගශිලියෙකුගේ පුර්ණ අනුග්‍රාහක දායකත්වය මත බෙදා දෙන ලදි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ඉල්ලිම මත ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි සේනක සෙනෙවිරත්න මහතා විසින් මෙම අනුග්‍රහක දායකත්වය ලබා දෙන ලදි. මේ සඳහා 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බිපිඑස් ද සිල්වා ආර්එස්පිගේ අධික්‍ෂණය යටතේ 1 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රි ලංකා ආරක්‍ෂක බළමුළුවේ ඒකක අණදෙන නිලධාරින්/නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.