Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd April 2020 06:51:07 Hours

1 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් කොරක්කන්ඩු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි සළාක මළු බෙදා දෙයි

1 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් කිලිනොච්චියෙහි කොරක්කන්ඩු ග්‍රාම නිලධාරි වසමෙහි අඩු ආදායම්ලාභි පවුල් 32 ක් සදහා වියලි සළාක මළු බෙදාදීමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 11 වන දින පවත්වන ලදි.

කොව්ඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැනට දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වූ අතර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බිපිඑස් ද සිල්වා ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන්, 572 වන බලසේනාවේ බලසේනාධිපති ඩී එම් පී පී දසනායක සහ 1 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එච් ඊ එස් සී හේවාවසම් යන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.