Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd April 2020 13:52:23 Hours

3 වන බළඇණි ගජබා රෙජිමේන්තුව විසින් ලේ දන්දිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

කිලිනොච්චි ලේ බැංකුවේ පවතින රුධිර හිගය සපුරාලිමේ අරමුණින් කිලිනොච්චි දිස්ත්‍රික් මුලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාර ලෙස 3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද ලේ දන්දිමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 02 වන දින එම බලඇණි මුලස්ථාන පරිශ්‍රයේදි පවත්වන ලදි.

කිලිනොච්චි දිස්ත්‍රික් රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය මත සංවිධානය කරන ලද එම වැඩසටහන සදහා නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් රුධිර පරිත්‍යාග කිරිමෙන් දායක විය.

මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි, 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බිපිඑස් ද සිල්වා, 574 වන බලසේනාවේ බලසේනාධිපති යන නිලධාරින්ගේ මෙහෙයවිම සහ අධික්‍ෂණය මත මෙම වැඩසටහන සිදු කරන ලදි.