Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd April 2020 13:46:39 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථනයේ භට පිරිස් විසින් රාමනාතපුරම් හි අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යවශ්‍ය වියළි සලාක බෙදා දෙයි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් කිලිනොච්චියෙහි රාමනාතපුරම් ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 30 ක් සදහා අත්‍යවශ්‍ය වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 03 වන දින සිදු කරන ලදි.

කොව්ඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවටපත් කිලිනොච්චියෙහි ජනතාව හට සහන ලබා දිම සදහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.