Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th April 2020 11:38:40 Hours

කොවිඩ් 19 වෛරසය පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලබයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි උපදෙස් මත කොවිඩ් 19 වෛරසය පිලිබදව කිලිනොච්චියෙහි භට පිරිස් දැනුවත් කිරිමේ වැඩසටහනක් 65 වන සේනාංක බළ ප්‍රදේශයෙහි පිහිටි මුලන්කාවිල් බළඇණි පුහුණු පාසලේදී 2020 මාර්තු මස 30 වන දින පවත්වන ලදී. මෙම දැනුවත් කිරිමේ වැඩසටහන ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බළකාය විසින් පවත්වනු ලැබූ අතර, මේ සදහා 65 වන සේනාංක බළ ප්‍රදේශයෙහි නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වන ලදී.