Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th April 2020 11:36:20 Hours

කිලිනොච්චියෙහි අඩු ආදයම්ලාභී පවුල් සදහා වියලි සළාක මළු බෙදාදෙයි

දැනට රට පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් දිවයින පුරා පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් දුෂ්කරතාවයකට පත්ව සිටින පොන්නගර් ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී පවුල් සදහා වියලි සලාක බෙදා දීමේ වැඩසටහනක් එස් කේ වැඩිහිටි නිවාසයේ ප්‍රධානී එස් කේ නාදන් මහතාගේ දායකත්වය ඇතිව 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහයෝගයෙන් සංවිධානය කර 2020 මාර්තු මස 28 වන දින පවත්වන ලදී.

මෙම වැඩසටහන කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී පී එස් ද සිල්වා ආර්එස්පි ගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කරන ලදී.