Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st March 2020 08:56:08 Hours

දේවස්ථානයේ මංගල්‍යයට සහභාගී වූ බැතිමතුන්ට භටපිරිස් කෙටි ආහාරපාන සංග්‍රහයක් පිරිනමයි

මූලික ප්‍රජා සත්කාරයක් ලෙස 66 වන සේනාංකය යටතේ ස්ථාපිත 11 වන ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් 2020 මාර්තු මස 14 වන දින පාලතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යයට සහභාගී වූ බැතිමතුන් 1000 කට අධික පිරිසකට කෙටි ආහාර හා පිරිසිදු පානීය ජලය පිරිනමන ලද අතර එය 2020 මාර්තු මස 14 වන දින නොච්චිමුනෙයි වෙරළ සහ වලයිපඩ්ඩු වෙරළ තීරය ආශ්‍රිතව සිදු කරන ලදි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්ඩි විජේසුන්දර ආර්එස්පි ගේ උපදෙස් මත කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ හමුදා සෙබළුන් අතර මහජන සම්බන්ධතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන පවත්වන ලදී. තවද මෙම ව්‍යාපෘතිය 663 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේඑලඑස්එස් ලියනගම ආර්ඩබ්ලිව් ආර්එස්පි ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.