Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th March 2020 16:14:28 Hours

“වත්මන් සිදුවිම්” පිළිබඳ විශේෂ වැඩමුළුවක් පැවැත්වීම.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ගේ මගපෙන්විම මත කපිතන් සිට මේජර් දක්වා උසස්වීමේ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත නිලධාරීන් සඳහා ‘වත්මන් සිදුවිම්’ පිළිබඳ වැඩමුළුවක් 2020 මාර්තු 12 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත) සහ 662 වන බලසේනාවේ බලසේනා මේජර් විසිනි. මෙම වැඩමුළුව සදහා කපිතන් සිට මේජර් දක්වා උසස්වීමේ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත නිලධාරීන් 22 දෙදෙනෙක් සහභාගී විය. අනාගතයේ දී පැවැත්වීමට නියමිත උසස්වීම් විභාගය කේන්ද්‍ර කර ගනිමින් ‘වත්මන් සිදුවිම්’ පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර ඇත.