Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th February 2020 09:22:14 Hours

9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ප්‍රජා සත්කාර වැඩසටහනක් දියත් කරයි

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි ගේ මගපෙන්විම මත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් 571 වන බළසේනාව විසින් 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටයින් යොදා ගනිමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිලේ ප්‍රයෝජනය සදහා අඩි 25 පළල අඩි 175 දිග කින්යුත් මාර්ගය ප්‍රතිසංවිධානය කරන ලදී. එය ප්‍රධාන වශයෙන් බැතිමතුන් ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් සඳහා ප්‍රයෝජනයට යොදා ගනී.