02nd December 2019 11:06:54 Hours
66 වන සේනාංකයේ භට පිරිස් විසින් මේජර් ජෙනරාල් නිලයට නිල උසස්විම් ලැබු මේජර් ජෙනරාල් එම්.ඩී. විජේසුන්දර ආර්එස්පී හට උපහාර උළෙලක් 2019 නොවැම්බර් 14 වන දින පිරිනමන ලදි.
නව නිලයට නිල උසස්විම් ලැබු සේනංකාධිපතිතුමන් හට සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙලපාලියක් 66 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පිරිනමන ලදී. පසුව එම නිලධාරි විසින් පැළයක් සිටවූ අතර, 66 වන සේනාංකයේ භට පිරිස්ද ඇමතන ලදි.
මෙම අවස්ථාව සදහා බලසේනාධිපතිවරුන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ 66 වන සේනිංකය යටතේ රාජකාරි නියුතු සෙසු නිලයින්ද සහභාගිවන ලදි.