02nd December 2019 10:56:16 Hours
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පී ගේ උපදෙස් පරිදි 652 වන බළසේනාවේ බළසේනාධිපතිගේ අධික්ෂණය යටතේ 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්ගේ සහභාගීත්වයෙන් ස්කන්දපුරම් අම්මාන් කෝවිල් පරිශ්රය සුද්ධ පවිත්ර කිරිමේ වැඩසටහනක් 2019 නොවැම්බර් මස 09 වන දින පවත්වන ලදී. මේ සදහා යුධ හමුදා සෙබලුන් 20 දෙනෙකු සහ සිවිල් වැසියන් 15 දෙනෙකු සහභාගී විය.