Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th November 2019 23:08:10 Hours

යුද්ධ හමුදාව විසින් කිලිනොච්චියෙහි ඇස් කණ්නාඩි බොදිදිම වැඩසටහනක් පැවැත්විම.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් වලට අනුව සිවිල් වැසියන් සහ යුද හමුදාව අතර සමගිය හා සංහිදියාව ඇති කිරිමේ අරමුණින් යුතුව දෘෂ්ඨිවේදින්ගේ සංගමය විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ සිවිල් වැසියන් සදහා නොමිලේ ඇස් කණ්නාඩි බොදාදිමේ වැඩසටහනක් 2019.11.03 වන දින නෙළුම් පියස ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සුභූතිපුර බත්තරමුල්ල දෘෂ්ඨිවේදින්ගේ සංගමයේ අනුග්‍රහය ලැබූනු අතර, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන බළප්‍රදේශයෙහි ජීවත් වන සිවිල් වැසියන්ගේ අක්‍ෂි පරික්‍ෂාවකින් පසු මෙම ඇස් කණ්නාඩි බෙදා දෙන ලදී. මෙහිදී ඇස් කණ්නාඩි 176 ක ප්‍රමාණයක් ඔවුන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි සහ බ්‍රිගේඩියර් පාලන භකාස නිලධාරි - බ්‍රිගේඩියර් එච් එම් එච් එන් හේරත්, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයෙහි සිවිල් කටයුතු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයින් සහ කිලිනොච්චිය ප්‍රදේශයේ සිවිල් වැසියන්ද සහභාගි වන ලදි.