Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th November 2019 23:05:45 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංගීත චිකිත්සාවක් පවත්වනු ලබයි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මඟ පෙන්වීම යටතේ නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී 2019 නොවැම්බර් මස 02 වන දින සංගීත චිකිත්සාවක් පවත්වන ලදී.

මෙම වැඩසටහන ප්‍රවීණ සංගීතඥයකු වන කේ. ප්‍රදීප් බෝගහවත්ත මහතා සහ ක්‍රෙසෙන්ඩෝ සංගීත ආයතනයේ සාමාජිකයින් විසින් මෙහෙයවන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි සහභාගී වූ අතර, මෙම අවස්ථාව සදහා යුධ හමුදා ජෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්, සෙසු නිලයින් සහ කිලිනොච්චිය අරවියල් නගර් විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 1500 කට අධික පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.