Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th November 2019 22:53:16 Hours

57 වන සේනාංකය විසින් දිපවාලි උත්සවය සමරයි

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පී ගේ මගපෙන්විම මත 2019 ඔක්තෝබර් මස 27 වන දින දීපවාලි උත්සවය සැමරීම සඳහා 57 වන සේනාංකයේ භට පිරිස් විසින් කිලිනොච්චි කන්දසාමි කෝවිලේහි ආගමික වත්පිළිවෙත් සංවිධානය කළහ. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් සහ සිවිල් වැසියන් අතර සංහිදියාව සහ සහජිවනය ඇති කිරීමේ අරමුණින්ය. මෙම පුජාව සදහා 57 වන සේනාංකයේ සේනංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරීන්, යුද්ධ හමුදා සෙබළුන් 150 ක් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් 300 කට අධික පිරිසක් සහභාගී වූහ.