Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th November 2019 22:44:53 Hours

57 වන සේනාංකයේ සංවිධානයෙන් දිපවාලි උත්සවය සමගාමිව ප්‍රජාසත්කාර වැඩසටහනක් පවත්වනු ලබයි.

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පී ගේ මගපෙන්විම මත 57 වන සේනාංකයේ සෙබළුන් විසින් දීපවාලි උත්සවය සැමරීම සඳහා උත්සව මාලාවක් සංවිධානය කර තිබු අතර, එහි එක් අංගයක් ලෙස 2019 ඔක්තෝබර් මස 26 සහ 27 යන දෙදින තුල කිලිනොච්චි කන්දසාමි කෝවිල් භූමිය උදැසන 0800 පැයේ සිට 1200 පැය දක්වා පිරිසිදු කිරීමේ ප්‍රජාසත්කාර වැඩසටහනක් සිදුකරන ලදී. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් සහ සිවිල් වැසියන් අතර සංහිදියාව සහ සහජිවනය ඇති කිරීමේ අරමුණින්ය. මෙම ප්‍රජාසත්කාර වැඩසටහන සදහා සෙබළුන් 30 දෙනෙකු පමණ සහභාගි විය.