Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th November 2019 22:37:38 Hours

57 වන සේනාංකය දිපවාලි උත්සවයේදි ආශිර්වාද ලබා ගන්නා ලදි

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පී ගේ මගපෙන්විම මත 57 වන සේනාංකයේ සෙබළුන් විසින් දීපවාලි උත්සවය සැමරීම සඳහා 2019 ඔක්තෝබර් මස 27 වන දින 57 වන සේනාංක මූලස්ථානය ඉදිරිපිටදී ආශිර්වාද කිරීම සඳහා ආගමික වත්පිළිවෙත් සංවිධානය කරන ලදි. කිලිනොච්චි කන්දසාමි කෝවිලේහි කුරුකල්වරු විසින් ආශිර්වාද චාරිත්‍ර පවත්වන ලදි. මෙහි අරමුණ වුයේ යුද්ධ හමුදා සෙබළුන් හා සිවිල් වැසියන් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සහ 57 වන සේනාංකයට ආශීර්වාද කිරීමයි. මෙම අවස්ථාව සදහා 57 වන සේනාංකයේ සේනංකාධිපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ 57 වන සේනාංකයට අයත් සෙබළුන් 200 ක් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ද සහභාගිවන ලදි.