Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th October 2019 16:51:08 Hours

කිලිනොචිචිය මහ රොහලේ ඉල්ලීමකට අනුව පිලිකා රෝගීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහ විශ්වවිද්‍යාල ළමුන් හා එක්ව රුධිරය පරිත්‍යාග කිරිමෙි වැඩසටහනක්.

තෙලිපලෙයි රෝහලේ ප්‍රතිකාර ලබන පිලිකා රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් 2019 ඔක්තෝබර් මස 26 වන දින කිලිනොච්චි මහ රෝහලේ යුධ හමුදාව සහ කිලිනොචිචිය විශ්ව විද්‍යාලයේ ළමුන් හා එක්ව ලේ දන්දිමෙි වැඩසටහනක් සංවිධානය කරන ලදි.

මෙම ප්‍රජාසත්කාරක ව්‍යාපෘතිය කිලිනොචිචිය මහ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය දනුෂ්ක හිදගෙදර මහතාගේ ඉල්ලිමකට අනුව මෙය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී එන්ඩියු අයිජි ගේ අධික්‍ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.