Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th October 2019 16:45:24 Hours

7 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ සෙබළුන් විසින් අකරයාන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ වහල ප්‍රතිසංස්කරණය කරයි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිවිවි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මගපෙන්විම මත 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි ගේ අධික්‍ෂණය මත 652 බලසේනා මුලස්ථානය යටතේ ඇති 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් 2019 ඔක්තොබර් මස 22 වන දින අකරයාන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලේ වහලය ප්‍රතිසංස්කරණය ලදි.

කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්‍ෂකගේ සහය ඇතිව අක්කරයාන්කුලම් ප්‍රථමික පාසලේ විදුහල්පතිගේ ඉල්ලීම පරිදි 652 බලසේනාවේ සංවිධානයෙන් අක්කරයාන්කුලම් ප්‍රථමික පාසල් පරිශ්‍රයේ ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලදී.