29th October 2019 16:26:08 Hours
57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි මගපෙන්විම මත 574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී අධික්ෂණය යටතේ 574 බලසේනාවේ සෙබළුන් විසින් 2019 ඔක්තෝබර් මස 21 වන දින පනික්කම්කුලම් ග්‍රාම නිලධාරි කොට්ටාශයේ ජෝයි ළමා නිවාසයේ ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. 574 වන බලසේනා මුලස්ථානයේ 8 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. ළමුන් සදහා රසවත් දිවා ආහාර වේලක්ද ලබා දුන් අතර 574 වන බලසේනාවේ බලසේනාධිපති, සිවිල් සම්බන්ධිකරණ නිලධාරි සහ 574 බලසේනා මූලස්ථානයේ භට පිරිස් සහභාගී විය.