16th October 2019 09:48:09 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 70 වන සංවත්රය 2019 ඔක්තෝබර් මස 10 වෙනි දිනට යෙදි තිබුණ අතර, 70 වන සංවත්සරය වෙනුවෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජීවි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි.
ඒ අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 70 වැනි දිනය සනිටුවන් කිරිම වස් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රෙය්දි යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදා ගීතිය ගායනා කරමින් විනාඩි දෙක නිශ්ශබ්තාවය නිරත වෙමින් මිය ගිය රණවිරුවන් සිහිපත් කරන ලදි. පසුව යුද්ධ හමුදාධිපති තුමාගේ පණිවිඩය සියළු දෙනා වෙත ඉදිරිපත් කරන ලදි. මේ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන/භකාස සහ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ, කර්නල් පාලන/භකාස, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.
තවද, 70 වැනි සංවත්සරය වෙනුවෙන් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් ඒ ඩි ඇල්වත්ත නිලධාරිගේ අධික්ෂණය යුද්ධ හමුදා සෙබළුන් 156 දෙනෙකුගේ සහභාගිත්වයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලේහි යකඩ ඇඳන් අලුත්වැඩියාව කිරිම, විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම සහ රෝගින්ගේ වාට්ටු ඇතුලත සහ අවට පරිසරය පිරිසිදු කිරිමේ ප්‍රජාසත්කාර වැඩසටහනක් දියත් කරන ලදි. ඒ අතර, එදින කිලිනොච්චි බළප්‍රදේශයේ රජකාරි නියුතු යුධ හමුදා සාමාජිකයින් 250 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ලේ දන්දිමේ වැඩසටහනක් නෙළුම්පියස ශ්රවනාගාරයෙදි පවත්වන ලදි. මේ සදහා පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල් වෛද්‍යවරුන් 03 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් විසින් ලේ දන්දිමේ වැඩසටහන සාර්ථකව සිදු කරන ලදි.