Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th September 2019 14:20:54 Hours

කිලිනොච්චියේ භට පිරිස් විසින් තෙලිගරේහි පුද්ගලයකු සඳහා නව නිවසක් ඉදිකිරීම ආරම්භ කරයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මඟපෙන්වීම මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම් ඩි විජේසුන්දර ආර්එස්පි ගේ උපදෙස් පරිදි 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පි ගේ අධීක්‍ෂණය යටතේ තෙලිගරෙයිහි දෙමළ ජාතික මහේෂ්වරී මහත්මිය (වැන්දඹු) සඳහා නව නිවසක් 2019 සැප්තැම්බර් මස 01 වන දින ඉදිකිරීම ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අනුග්‍රහය දක්වන අතර, යුද හමුදා භට පිරිස් විසින් අවශ්‍ය ඉදිකිරීම් කටයුතු සඳහා සහාය ලබාදේ. මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිවිල් වැසියන්ට අවශ්‍ය ජීවන තත්ත්වය නංවාලීම සහ බලප්‍රදේශයේ ජිවත්වන සිවිල් ජනයා සහ යුද්ධ හමුදාව අතර, සහයෝගීතාව වැඩිදියුණු කිරිමයි.